”විදෙස්ගතවෙන්න මුදල් දෙන්න එපා” – මනූෂ නානායක්කාර

නීතිවිරෝධී ලෙස ඊශ්‍රායලයට මිනිසුන් යැවීමේ ජාවාරමක් පවතින බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර කියා සිටිනවා.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ විදේශ රැකියා අවස්ථා ලබාදීමට මුදල් ගන්නා පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

විදේශගතවීමේ දී මොනයම් හෝ රටකට යාමට තැරැව්කරුවන්ට මුදල් දීමෙන් වළකින ලෙසත් එසේ මුදල් ලබාදුන් පසු නැවත එම මුදල් ලබා ගැනීමට අපහසු බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා.

එසේ මුදල් අයකරන වංචනික පුද්ගලයින් සම්බන්ධයෙන් දැනුම්දෙන ලෙසත් ඒ පිළිබඳ සොයාබලා නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍ය මනූෂ නානායක්කාර වැඩිදුරටත් කියා සිටිනවා.

POPULAR

Recent articles