ඉන්දීය ජනපතිවරණයේ ජය ද්‍රෞපදී මුර්මුට

ඉන්දියාවේ නව ජනාධිපතිවරිය ලෙස දෞපදි මුර්මු තේරී පත් වී තිබෙනවා.

ඒ ඡන්ද 577 777ක් ලබා ගනිමිනු යි.

ඇයගේ ප්‍රතිවාදියා ලෙස විපක්ෂ කණ්ඩායම් නියෝජනය කරමින් ඉදිරිපත් වූයේ යෂ්වන්ත් සිංහා යි.

ජනාධිපතිවරණ ඡන්ද විමසීම පසුගිය සඳුදා පාර්ලිමේන්තු සභා ගර්භය ඇතුළු ස්ථාන 31 කදී හා ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාවන් තුළ මධ්‍යස්ථාන 30කදී පැවැත්වුණා.

හිටපු ජනාධිපති රාම්නාත් කෝවින්ද්ගේ ධූර කාලය අවසන් වී දිනකට පසු එනම් ජූලි 25 වනදා දෞපදි මුර්මු ඉන්දීය ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතයි.

POPULAR

Recent articles