මුදල් ඇමතිගේ ඉල්ලීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රතිචාර දක්වයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ උපදෙස් සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කළ ඉල්ලීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂඥ උපදෙස් ලබා දෙන ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලිඛිතව දැනුම් දී ඇති බවයි මීට පෙර වාර්තා වුණේ. ඒ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හරහායි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් නුදුරේදීම මෙරටට පැමිණෙනු ඇතැයි ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවද ඔහු පවසා තිබුණා.

මුදල් අමාත්‍යවරයාගේ ප්‍රකාශය පැහැදිලි කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පැවසුවේ මුදල් අමාත්‍යවරයාගේ ප්‍රකාශය මුදල් අමාත්‍යාංශයේ අලුතින් ස්ථාපිත කරන ලද සාර්ව මූල්‍ය ඒකකය සඳහා සාමාන්‍ය තාක්ෂණික සහාය ලබා ගැනීම පිළිබඳව පමණක් බවයි.

අදාළ Twitter පණිවිඩය –

මුදල් අමාත්‍යවරයාගේ ඉල්ලීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිචාරය ලෙස IMF සිය ලිපියේ පවසන්නේ “IMF මූල්‍ය කටයුතු දෙපාර්තමේන්තුව (FAD) දකුණු ආසියානු පුහුණු සහ තාක්ෂණික සහාය මධ්‍යස්ථානය (SARTTAC) සමඟ එක්ව මුදල් ඇමතිගේ ඉල්ලීමට ධනාත්මකව ප්‍රතිචාර දැක්වීමට හැකි වනු ඇති බවයි.

POPULAR

Recent articles