“මම පහත් මට්ටමේ දේශපාලනය කරන්නේ නෑ” – රෝහිත අබේගුණවර්ධන

හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී අමාත්‍යාංශ නිලධාරීන් හමුවී සමුදීමට ඊයේ එහි පැමිණි අවස්ථාවේදී එය ආවරණය කිරීම සඳහා පැමිණි මාධ්‍යවේදීන් හට යම් අපහසුතාවක් සිදුවී ඇති බව වාර්තා වී ඇතැයි වරාය හා නාවික අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් වහාම විමර්ශනයක් පවත්වන ලෙස වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන උපදෙස් දී ඇති බවයි කියන්නේ. අමාත්‍යවරයා කියා සිටියේ තමන් එවැනි පහත් මට්ටමේ දේශපාලනයක් නොකරන බවයි.

එම සිදුවීම හේතුවෙන් මාධ්‍යවේදීන්ට සිදුවූ අපහසුතා සම්බන්ධයෙන්ද වරාය හා නාවික අමාත්‍යවරයාගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරන බව වරාය හා නාවික අමාත්‍යාංශය සඳහන් කරනවා.

POPULAR

Recent articles