දෙමළ ප්‍රගතිශීලී සන්ධාන නියෝජිතයින් ඉන්දීය විදේශ ඇමති හමුවෙයි

මනෝ ගනේෂන්, දිගම්බරන්, වී. රාධක්‍රිෂ්ණන්, උදය කුමාර් යන අයගෙන් සමන්විත දෙමළ ප්‍රගතිශීලී සන්ධානය(Tamil Progressive Alliance – TPA) නියෝජිත පිරිස ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මුණගැසී තිබෙනවා.

එහිදී ඉන්දියානු සම්භවයක් ඇති මෙරට දෙමළ ප්‍රජාවගේ සමාජ-ආර්ථික ගැටලු සාකච්ඡා කළ බවයි ඉදීය විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ.

මාලදිවයිනේ සහ ශ්‍රී ලංකාවේ පස්දින සංචාරයේ 3 වන දින විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් දෙමළ ජාතික සන්ධානයේ (TNA) සහ දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ (TPA) සාමාජිකයින් හමුවී විවිධ ගැටලු සහ අභිලාෂයන් සාකච්ඡා කළ බව ඉන්දීය මාධ්‍යත් වාර්තා කරනවා. “සමානාත්මතාවය, යුක්තිය, සාමය සහ අභිමානය” සඳහා ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාගේ අභිලාෂයන් ඉටුවීම පිළිබඳව ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් සිය ට්විටර් පණිවිඩයෙත් සඳහන් කර තිබෙනවා.

“ඉන්දියාව, ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනයා සමඟ සංවර්ධන හවුල්කාරිත්වය සඳහා කැපවී සිටී” යි එහි වැඩි දුරටත් සඳහන් වෙනවා.

තම නියෝජිතයින් අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් සමඟ ප්‍රගතිශීලී සාකච්ඡාවක් පැවැත්වූ බව මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා පවසනවා. “ඉන්දීය දෙමළ ශ්‍රී ලාංකික ප්‍රජාවගේ අභිලාෂයන් සඳහා, ශ්‍රී ලංකාවේ පූර්ණ පුරවැසියන් ලෙස ප්‍රධාන ප්‍රවාහයට පැමිණීම සඳහා ඉන්දීය සහාය ඉල්ලා සිටිය බව ඔහු කියනවා.

POPULAR

Recent articles