”ඖෂධ හිඟය අඩුවෙමින් තියෙන්නේ” – කෙහෙළිය රඹුක්වැල්ල

ඖෂධ ගෙන්වීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීමට කටයුතු කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසන්නේ. මීට පෙර ඖෂධ ගෙන්වීම සඳහා මාස 9ත් 11ත් අතර කාලයක් ගතවූ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා මේ වන විට ගත වන කාලය මාස 3ත් 4ත් දක්වා අඩු කර ගැනීමට හැකි වී ඇති බව ඔහු කියනවා. විනිවිඳභාවය වඩාත් සුරක්ෂිත කරමින් රෝගීන්ට හිඟයකින් තොරව අඛණ්ඩව ඖෂධ ලබාදීම මෙහි ප්‍රමුඛ අරමුණ බව යුනිසෙෆ් සංවිධානයේ නියෝජිතයින් පිරිසක් හමුවු අවස්ථාවේ දී අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

රට තුළ පැවති ඖෂධ හිඟය මේ වන විට ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව පෙන්වාදෙන අමාත්‍යවරයා සඳහන් කරන්නේ ඉදිරි සති කිහිපය තුළ එහි වඩාත් සාර්ථක බවක් ඇතිවිය හැකි බවයි. එමෙන්ම හිඟව පවතින ඖෂධ කඩිනමින් ලබා ගැනීමට පියවර ගෙන ඇති බව ද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

POPULAR

Recent articles