“අලුත් අවුරුදු සමය වන විට ගැටලුවකින් තොරව ඉන්ධන බෙදාහරිනවා” – ගාමිණි ලොකුගේ

අලුත් අවුරුදු සමය ව​න විට කිසිඳු ගැටලුවකින් තොරව ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සිදු කරන බව බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ මේ වන විටත් ඇතැම් ඉන්ධන පිටවුම්හල් වෙත යොමු කරන ඉන්ධන බවුසර නැවත හරවා එවන තත්ත්වයක් උද්ගත වී ඇති බවත් ඒ එම ඉන්ධන පිරවුම්හල්වල ගබඩා පිරී තිබීම නිසා බවයි.

එසේම පෙට්‍රල් රැගෙන පැමිණි නෞකාවක එම තොග මේ වන විට ගොඩබාමින් ඇති බවත්, ඩීසල් නෞකාවක්ද පැමිණ ඇති අතර එහි ඉන්ධන තොගද අද (24) සවස වන විට ගොඩබෑම ආරම්භ කළ හැකි බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

POPULAR

Recent articles