අනුප්‍රාප්තික ජනපති රනිල් වික්‍රමසිංහ

ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස වැඩබලන ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තේරී පත්වී තිබෙනවා.

අද (20) පාර්ලිමේන්තුවේ පැවති රහස් ඡන්දයෙන් ඡන්ද 134ක් ලබා ගනිමින් ඔහු තේරී පත් වුණා.

රනිල් වික්‍රමසිංහ විසින් නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූයේ ජනාධිපති අපේක්ෂක ඩලස් අලහප්පෙරුම සහ අනුර කුමා දිසානායක යන මන්ත්‍රීවරුන් පරාජයට පත් කරමිනුයි.

පසුගිය මැයි මාසයේදී ජනතා විරෝධය හේතුවෙන් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වීමත් සමඟ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරයට පත් වුණා.

ඉන් අනතුරුව ජුලි මාසයේදී ජනතා විරෝධය හේතුවෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂද ඉල්ලා අස්වීමෙන් පසු වැඩබලන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පත් කරනු ලැබුවා.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව හිටපු ජනාධිපතිවරයාගේ ඉතිරි ධූර කාලය සම්පූර්ණ කිරීම සඳහා නව ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් අද (20) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 223 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කර තිබූ අතර මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියා. ඡන්ද 219 ක් වලංගු වූ අතර ඡන්ද 4 ක් වලංගු නොවන බවට හඳුනාගෙන තිබෙනවා.

මීට පෙර ජනාධිපතිවරණ දෙකක් මෙන්ම ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය පවා පරාජයට පත් වූ රනිල් වික්‍රමසිංහ අද ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම විශේෂත්වයක් වනවා

POPULAR

Recent articles