ඩොලර් ඉතුරු කර ගැනීම වෙනුවෙන් මුස්ලිම්වරු මෙවර හජ් වන්දනාව අත්හරියි

මෙරට ඉස්ලාම් භක්තිකයින්ව මෙවර හජ් වන්දනාව සඳහා සහභාගී නොකිරීමට මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් එම තීරණය ගෙන ඇති බවයි.

මෙවර හජ් වන්දනාව සඳහා ලංකාවේ පුද්ගලයින් 1,585 දෙනෙකුට සහභාගීවිම සඳහා අවස්ථාව හිමිව තිබූ අතර ඩොලර් හිඟයත් සමග ඔවුන් මෙවර හජ් වන්දනාවට සහභාගී නොවීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලාංකික වන්දනාකරුවන්ගේ සම්පූර්ණ හජ් වන්දනාව සඳහා ඩොලර් මිලියන 10 ක් පමණ වැය වන බවත් එය රටේ වත්මන් ආර්ථික තත්ත්වය හා සසඳන විට විශාල මුදලක් බව ශ්‍රී ලංකා මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව යටතේ ඇති ජාතික හජ් කමිටුවේ සභාපති අහ්කාම් උවයිස් සඳහන් කරනවා.

ඒ අනුව මෙවර හජ් වන්දනාව අත්හැරීම ත්‍යාගශීලීව රට වෙනුවෙන් තම වන්දනාව කැප කිරීමට මුස්ලිම් ප්‍රජාවේ සාමාජිකයින් විසින් තීරණය කළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

POPULAR

Recent articles