ඩලස්, රනිල් හා අනුර හෙට (20) ජනපති සටනට

මීට් සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කර නාමයෝජනා භාර ගැනීමේ කටයුතු ආරම්භ කෙරුණා.

ඒ අනුව පළමු නාමයෝජනාව ලෙස විපක්ෂ නායකවරයා විසින් ඩලස් අලහප්පෙරුමගේ නම යෝජනා කළ අතර එය ස්ථිර කරනු ලැබුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති ජී.එල් පීරිස් විසිනුයි.

දෙවන නාමයෝජනාව ලෙස සභා නායක දිනේෂ් ගුණවර්ධන විසින් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නම යෝජනා කළ අතර එය ස්ථිර කළේ මනූෂ නානායක්කාර විසිනුයි.

තුන්වන නාමයෝජනාව ලෙස ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් විසින් එහි නායක අනුර කුමාර දිසානායක යෝජනා කළ අතර එය ස්ථිර කළේ, එහි පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරතුංග විසින් ස්ථිර කරනු ලැබුවා.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ, ඩලස් අලහප්පෙරුම සහ අනුර කුමාර දිසානායක යන අය හෙට (20) දිනයේ ජනාධිපති ධුරය සඳහා තරඟ වැදීමට නියමිතයි.

POPULAR

Recent articles