“තවත් වසර පහක් මේ රට පාලනය කරන්නේ වත්මන් රජයමයි” – මහින්දානන්ද අලුත්ගමගේ

ඉදිරි වසර තුන සහ ඉන් අනතුරුව තවත් වසර පහක් වත්මන් රජයම මේ රට පාලනය කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

අමාත්‍යවරයා කියා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ බලය ලබාගෙන වසර දෙකක් යනතුරු කොවිඩ් වසංගතයට සාර්ථකව මුහුණ දුන් බවයි.

එම කාලය තුළ රටේ ජනතාවට පොරොන්දු වු දේ ඉටු කිරිමට නොහැකි වුවත් ඉදිරි වසර තුනක කාලයේදි එම පොරොන්දු ඉටු කිරිමට ජනාධිපතිවරයා ඇතුළු වත්මන් රජය පියවර ගන්නා බවයි ඔහු කියන්නේ.

රජය පිලිබදව කිසිදු අයෙකු සැකයක් තබාගත යුතු නැති බව මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.

POPULAR

Recent articles