රතු කුරුස සංවිධානයේ මහ ලේකම්, අගමැති හමුවෙයි

අන්තර්ජාතික රතුකුරුස සහ රතු අඩසඳ සම්මේලනයේ (IFRC) මහ ලේකම් ජගාන් චැපගන්, අග්‍රාමාත්‍යවරයා හමුවී තිබෙනවා.

ඒ අරලියගහ මන්දිරයේදී යි.

අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටියේ කොවිඩ් 19 වසංගතය ඇතුළු මෙරට ජනතාව මුහුණ දුන් සෑම ව්‍යවසන අවස්ථාවකදීම ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය ඔස්සේ ලබාදුන් මානුෂවාදී උපකාර වෙනුවෙන් අන්තර්ජාතික රතුකුරුස සහ රතු අඩසඳ සම්මේලනයට කෘතවේදීත්වය පිරිනමන බවයි.

ලොව පුරා විහිදී සිටින සාමාජික රටවල් අතර ශ්‍රී ලංකා රතු කුරුස සමාජය ඉතා ක්‍රියාශීලී හා විනිවිදභාවයෙන් කටයුතු කරන සාමාජිකයෙකු බව අන්තර්ජාතික රතුකුරුස සහ රතු අඩසඳ සම්මේලනයේ මහ ලේකම් ජගාන් චැපගන් ද එහිදී පවසා තිබෙනවා.

ඉදිරි සහන සේවා කටයුතුවලදී ද ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ ලබාදීමට අපේක්ෂා කරන බව මහ ලේකම්වරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.

ලොව විශාලතම මානුෂවාදී සංවිධානය වන අන්තර්ජාතික රතු කුරුස සහ රතු අඩසඳ සම්මේලනය (IFRC) ලොව රටවල් 192 ක් පුරා විහිදී පවතිනවා.

POPULAR

Recent articles