ඉන්ධන හිඟය හේතුවෙන් කොළඹ කසළ එකතු කිරීම ඇණහිටියි

ඉන්ධන හිඟය හේතුවෙන් කොළඹ නගරයේ ඇතැම් ප්‍රදේශවල කසළ එකතු කිරීමත් නවතා දමා තිබෙනවා.

කොළඹ මහ නගර සභාවේ ඝන අපද්‍රව්‍ය පිළිබඳ ස්ථාවර කමිටු සාමාජික මන්ත්‍රී මහේන්ද්‍ර ද සිල්වා කියන්නේ ගංගාරාම ප්‍රදේශය, නාරාහේන්පිට සහ බොරැල්ල දෙමටගොඩ ප්‍රදේශයේ කසළ එකතු කිරීමේ ට්‍රක් රථවල ඉන්ධන අවසන් වීම නිසා එම ප්‍රදේශවල කසළ එකතු කිරීම ඇණහිට ඇති බවයි.

මෙම ප්‍රදේශවල කසළ එකතු කිරීම කොළඹ නගර සභාව මගින්ම සිදු කෙරෙයි. අනෙකුත් ප්‍රදේශ වල ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම සිදු කරන්නේ කොන්ත්‍රාත් ලබා දී ඇති පෞද්ගලික සමාගමකින් වනවා.

මහ නගර සභාවට මෙන් නොව පුද්ගලික කොන්ත්‍රාත්කරු තම ට්‍රක් රථ සඳහා අවශ්‍ය තරම් ඉන්ධන තොග ලබා ගැනීමට සමත් වී තිබෙන බවයි කියන්නේ.

ඉන්ධන හිඟය හේතුවෙන් කොළඹ නගරයේ කසළ එකතුවීමට බාධා එල්ල වන දෙවන අවස්ථාව මෙයයි. මීට පෙර මාර්තු මුල් සතියේදීත් මෙවැනිම තත්වයක් ඇතිව තිබුණා.

POPULAR

Recent articles