ඇමතිකම් වෙන්දීසියේ

පවතින අර්බුදයට විසඳුම් සෙවීමට අමාත්‍ය ධුර භාරගෙන එක්වන ලෙස සියලු දේශපාලන පක්ෂවලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මීට පෙර ආරාධනා කරනු ලැබුවා. කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වුනේ ඊට පෙර 3 වෙනිදායි.

ආර්ථික හා ගෝලීය කාරණා කිහිපයක් හේතුවෙන් වත්මන් අර්බුදකාරී තත්ත්වය හටගෙන තිබෙන බව පවසමින් එම ආරාධය කළ ජනාධිපතිවරයා ආසියාවේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් අතර ප්‍රධාන පෙළේ රටක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළම ඊට විසඳුම් සෙවිය යුතුව ඇති බවයි කියා සිටියේ.

“සමස්ත රටවැසියන් සහ උපනූපන් අනාගත පරපුර වෙනුවෙන් ජාතික අවශ්‍යතාවයක් ලෙස එකමුතුව ක්‍රියාකළ යුතුව තිබේ. ඒ සඳහා අමාත්‍ය ධුර භාරගෙන ජාතික අර්බුදයට විසඳුම් සෙවීමට එක්වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට ජනාධිපතිතුමා ඇරයුම් කර සිටි” යනුවෙන් ඒ පිළිබඳව ජනාධිපති මාධ්‍ය ඒකකය සටහනක් තබා තිබුණා.

කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී දින කිහිපයක්ම හතරක් ගත වුනත් ඇමතිවරුන් තිදෙනකු හැරෙන්නට සම්පූර්ණ කැබිනට් මණ්ඩලය පත්කිරීමට තවමත් නොහැකි වී තිබෙනවා.

පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යාම සඳහා සහ රජයේ කටයුතු ස්ථාවරව පවත්වාගෙන සඳහා කැබිනට් ඇමතිවරු සිවුදෙනෙක් පමණක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉකුත් සඳුදා (04) පත්කරනු ලැබුවා. එලෙස පත්කළ මුදල් ඇමතිවරයා ලෙස දිව්රුම් දුන් ජනාධිපති නීතිඥ අලි සබ්රි සිය අමාත්‍ය ධුරයේ දිවුරුම් දී පැය විසිහතරක් ගතවීමටත් මත්තෙන් ධුරයෙන් ඉල්ලා අස්වුණා.

ඇමතිවරුන් තිදෙනකු පමණක් සිටින කැබිනට් මණ්ඩලය සම්පූර්ණ කිරීමටත් උද්ගතව ඇති ජාතික අර්බුදයට විසඳුම් සෙවීම සඳහාත් අමාත්‍ය ධුර බාරගෙන කැබිනට් මණ්ඩලයට එක් වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් අඟහරුවාදා (05) ආරාධනා කළා.

ඇමති ධුර බාර ගන්නා ලෙස ජනාධිපතිවරයා සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කළත් විපක්ෂයේ කිසිදු පක්ෂයක් ඇමති ධුර බාර ගැනීමට මෙතෙක් කැමැත්ත පළකර නැතිවීම විශේෂයක්.

සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, එක්සත් ජාතික පක්ෂය ඇතුළුපක්ෂ ඇමති ධුර බාර නොගන්නා බව ප්‍රකාශ කර ඇති අතර ඒ හේතුව මත සියලු දේශපාලන පක්ෂ එක්කොට කැබිනට් මණ්ඩලයක් පත් කිරීමේ උත්සහාය ඇණ්හිට තිබෙනවා.

එම තත්ත්වය තුළ ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත් කරන දිනයක් සම්බන්ධව ආණ්ඩුවේ සැලකිල්ල යොමුව තිබෙන බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

POPULAR

Recent articles