“එළඹෙන සඳුදා, අඟහරුවාදා වන විට විදුලිය හා තෙල් සාමාන්‍ය පරිදි ලැබෙයි” – ගාමිණි ලොකුගේ

ලබන සඳුදා, අඟහරුවාදා වන විට විදුලිය හා ඛනිජ තෙල් සාමාන්‍ය පරිදි ලැබේ යැයි තමා විශ්වාස කරන බව බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ පවසනවා.


අද (09) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

“ලබන සඳුදා, අඟහරුවාදා වෙද්දි විදුලියත් ඛනිජ තෙලුත් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ සඳහා අපිට මුදල් අමාත්‍යාංශය විශාල සහයෝගයක් දෙනවා. මාර්තු 15 පහුවෙන විට ඉන්දීය ණය ආධාර යටතේ, ඩීසල්, ප්‍රෙටල් හා ගුවන් යානා තෙල් නැව් 7ක් 8ක් අපිට එන්න තියෙනවා. නමුත් අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි ඇනවුම් කරපු ප්‍රමාණය පොඩි අඩුවක් වෙනවා මොකද ලෝක වෙළෙඳපොළේ බ්රෙන්ට් බොරතෙල් බැරල් එකක් ඩොලර් 230ක් දක්වා ඉහළ ගිහින් තියෙනවා. අපි අද ගොඩබාන තෙල් නැවට කලින් ඇස්තමේන්තුව ඩො.මි 32යි. ඒත් දැන් ඩො.මි 52ක්. විශාල වැඩිවීමක්. අපිට ඩීසල් ගැලුමකට රු 81ක් විතර පාඩුයි. නමුත් අපි වැඩිකිරීමක් ගැන කල්පනා කරන්නේ නෑ.” ලෙස බලශක්ති අමාත්‍යවරයා කියා සිටියා.

POPULAR

Recent articles