“කතානායකවරයා සංවිධානය කළ කිසිදු සාකච්ඡාවට යන්නේ නෑ” – ​අරගලයේ නියෝජිතයින්

කතානායකවරයා සංවිධානය කළ කිසිදූ සාකච්ඡාවකට අරගලයේ නියෝජිතයින් අද (12) දිනයේ සහභාගී නොවන බව අරගලයේ පාර්ශවය නියෝජනය කරන ළහිරු වීරසේකර පවසනවා.

එවැනි සාකච්ඡාවක් සම්බන්ධයෙන් කිසිදු දැනුම්දීමක් සිදුකර නොමැති බවද, අරගලය නියෝජනය කරන පිරිස් එවැනි සාකච්ඡාවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් සිදුකර නොමැති බවද ඔහු මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එවැනි සාකච්ඡාවක් නොපැවැත්වෙනු ඇති බවයි.

POPULAR

Recent articles