රුසියාව චීනයෙන් යුද ආධාර ඉල්ලයි

මේ වන විට යුක්රේනයට එරෙහිව යුද්ධයකට අවතීර්ණ වී සිටින රුසියාව, චීනයෙන් ආයුධ හා යුද ආධාර ඉල්ලා ඇති බව ඇමරිකාව පවසනවා.

ඇමරිකානු නිලධාරීන් මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වුවද වොෂින්ටනයේ චීන තානාපති කාර්යාලය පවසන්නේ එවැනි ඉල්ලීමක් සම්බන්ධයෙන් තමන් මෙතෙක් දැනුවත් වී නොමැති බවයි.

මේ අතර යුක්රේනය ආක්‍රමණයට එරෙහිව රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයක් සම්බන්ධයෙන් ඇමරිකාව සාකච්ඡා කර තිබෙනවා.

ඒ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා හා යුක්රේන නියෝජිතයෙකු අතර පැවති දුරකථන සංවාදයකදී යි.

එහිදී රාජ්‍ය ලේකම්වරයා යළි අවධාරණය කර ඇත්තේ මිලේච්ඡ ආක්‍රමණයට එරෙහිව යුක්රේනය සමග ස්ථීර සහයෝගීතාවයෙන් ක්‍රියාකරන බවයි.

POPULAR

Recent articles