ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශූරතාවලි ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට

ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වී තිබෙනවා.

ඒ් සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ දී පැවැති තරඟ 2කින් යුත් ටෙස්ට් තරඟාවලිය තරඟ 1-1ක් ලෙස සම තත්ත්වයට පත්වීම හේතුවෙනුයි.

ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ මෙතෙක් ඔස්ට්‍රේලියාවට හිමිව තිබූ නමුත්, ඊයේ (11) තරඟයෙන් ලැබූ පරාජයත් සමඟ ඔවුන් දෙවැනි ස්ථානය දක්වා පසු බැස තිබෙනවා.

ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ මේ වන විට හිමිව ඇත්තේ 71.43% ක ලකුණු ප්‍රතිශතයක් හිමිව ඇති දකුණු අප්‍රිකාවටයි.

POPULAR

Recent articles