“වැඩ වර්ජනය අතිශයෙන්ම සාර්ථකයි” – වෘත්තිය සමිති නායකයින්

‘ජන මතයට හිස නමා ආණ්ඩුව ගෙදර යනු’ යන තේමාවෙන් රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති දාහක් ඉක්මවා යමින් එක්ව පවත්වන දීප ව්‍යාපත් වැඩ වර්ජනය අතිශයෙන්ම සාර්ථක බව එහි සංවිධායකයන් පවසනවා. රාජපක්ෂ පවුල් පාලනයට විරෝධය පාමින් අද (28) විරෝධතාවයට එක්වූ පිරිස ලක්ෂ දහය ඉක්මවනු ඇතැයි වෘත්තිය සමිති නායකයන් කියා සිටිනවා.

අද දිනයේ පැවැත්වෙන වැඩ වර්ජනයත් සමඟ විරෝධතා පාගමනක් ද කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බවයි කියන්නේ.

තමන් මෙම මෙම වැඩවර්ජනය හරහා ආණ්ඩුවට දැනුම් දෙන්නේ උපරිම වශයෙන් දින හතක් තුළ ආණ්ඩුව බලයෙන් ඉවත් විය යුතු බව වැඩවර්ජනයේ යෙදෙන පිරිස් පවසනවා. එය නොතකා ආණ්ඩුව දිගටම බලහත්කාරයෙන් බලයේ රැඳී සිටීමට උත්සාහ කළහොත් වෘත්තීය සමිති මැදිහත්වීමෙන් අඛණ්ඩ කඩිනම් ක්‍රියාමාර්ගයක නිරත වන බව වෘත්තිය සමිති අවධාරණය කරනවා.

සෞඛ්‍ය, අධ්‍යාපන, ප්‍රවාහන, වරාය, විදුලි, තෙල්, වතු, තැපැල්, සමෘද්ධි, රාජ්‍ය සහ පෞද්ගලික බැංකු, වතු කම්කරු ආදී සියලු ක්ෂේත්‍ර වන වැඩ කරන ජනතාව මෙම වැඩවර්ජනය සඳහා සහභාගි වන බවයි කියන්නේ.

POPULAR

Recent articles