විනාශකාරී ක්‍රියාවන් නිසා දේපළ හානියට පත්වූ පුද්ගලයින්ට වන්දි ගෙවීමට රජය තීරණය කරයි

2022 මාර්තු 31 දින සිට මැයි 15 දක්වා දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ විනාශකාරී ක්‍රියාවන් නිසා දේපළ හානියට පත්වූ පුද්ගලයින්ට වන්දි ගෙවීමට රජය තීරණය කර තිබෙනවා.

මේ සඳහා පැමිණිලි ඉදිරිපත් කිරීමට ලබාදී තිබූ අවසන් දිනය 2022.07.08 දින සිට 2022.07.22 දක්වා දීර්ඝ කිරීමටයි කොමිෂන් සභාව තීරණය කර තිබෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

වන්දි ගෙවීමේ ප්‍රමාණය තක්සේරු කිරීම සහ සුදුසු පුද්ගලයින්ට වන්දි ගෙවීමේ ක්‍රියාවලිය තීරණය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කළා.

POPULAR

Recent articles