කොරෝනා ආසාදිතයින්ගේ ඉහළ යාමක්

දෛනිකව කොරෝනා ආසාදිතයින් වාර්තා වීම සුළු වශයෙන් ඉහළ යමින් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ, පසුගිය දිනවල 10කට පමණ සීමා වූ දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව, මේ වන විට 25 ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති බවයි.

පවතින තත්ත්වය හමුවේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා.

POPULAR

Recent articles