තුර්කි ගුවන් යානයක් කටුනායකදී අනතුරකට ලක්වෙයි

තුර්කි ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක්, කටුනායක ගුවන් තොටුපළේ දී ආපසු පිටත්ව යාමට සූදානම් වෙමින් සිටියදී අනතුරට ලක් වී තිබෙනවා.

මෙය තුර්කි ගුවන් සේවයට අයත් ඒ.- 330 – 300 එයා බස් වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වන අතර තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට භාණ්ඩ තොගයක් රැගෙන පසුගිය 03 දින රාත්‍රී 09.00 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

මෙම ගුවන් යානයට පැටවීම සදහා රැගෙන විත් තිබූ බහාලුමක් , ශ්‍රී ලන්කන් ගුවන් සේවා ගුවන් අංගන මෙහෙයුම් ක්‍රියාකරුවන් විසින් නිසි පරිදි තිරිංග නොයොදා, අදාළ ගුවන් යානය අසළ නවතා තැබීම හේතුවෙන්, එම බහාලුම ගුවන් යානය දෙසට හැමූ වේගවත් සුළගට ගසා ගෙන ගොස් එහි ඇංජිමක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන් වනවා.

මෙම සිදුවීමෙන් හානි වී ඇත්තේ එම ගුවන් යානයේ දකුණු පස අංක 02 දරන ඇංජිමයි.

POPULAR

Recent articles