කබ්රාල්ගේ විදෙස් තහනම දීර්ඝ කෙරේ

බැඳුම්කර වංචාවක් සිදුකලැයි කියන සිද්ධිය සම්බන්ධයක් විදෙස් ගමන් තහනම් කර සිටින හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ එම තහනම ලබන ඔක්තෝම්බර් මස 26 වැනිදා තෙක් දීර්ඝ කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල අද (25) නියෝග කර තිබෙනවා.

මෙම කරුණු ඉදිරිපත් වී ඇත්තේ මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය යළි අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී යි.

එහිදී හිටපු මහ බැංකු අධිපතිවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටියේ ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු යි.

මෙම සිද්ධියට අදාළව පෞද්ගලික පැමිණිල්ලක් අධිකරණය හමුවේ ඉදිරිපත් කරනු ලැබ තිබුණේ දකුණු හා මධ්‍යම පළාත් වල ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ රාජගිරිය පදිංචි රජිත් කීර්ති තෙන්නකෝන් විසිනුයි.

POPULAR

Recent articles