වැඩි මිලට ටයිල් විකුණුවොත් 1977 ට කියන්න

ලකුණු කළ මිලට වඩා වැඩි මිලට ටයිල් අළෙවි කරන වෙළෙන්දන් හා ආයතන පිළිබඳව පැමිණිලි කරන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියෙකු පවසනවා.

එමෙන්ම ඒ පිළිබඳව පාරිභෝගික කටයුතු අධිකාරියේ ක්ෂණික දුරකථන අංකය වන 1977 ට පැමිණිලි කළ හැකි බවත් ඔහු කියා සිටිනවා.

රට තුළ පවතින ටයිල් හිඟය ප්‍රයෝජනයට ගනිමින් ඇතැම් වෙළෙන්දන් හා ආයතන ටයිල් ලකුණු කළ මිලට වඩා වැඩි මිලට අළෙවි කරන බව පවසන ඔහු රට පුරා පාරිභෝගිකයන්ගෙන් මේ පිළිබඳව පැමිණිලි ගලා එන බව ද සඳහන් කරනවා.

කෙසේ වුවද ටයිල් වැඩි මිලට අළෙවි කරන වෙළෙදුන් පිළිබඳව පැමිණිලි කරන ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ටයිල් සමාගමක් ද නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඇතැම් ටයිල් අළෙවි කරන ආයතන පාරිභෝගිකයන් නොමඟ යවමින් විවිධ වර්ණවල ටයිල් ලබාදෙන බවට ද චෝදනා එල්ල වී තිබෙනවා.

POPULAR

Recent articles