“සහල් මාෆියාව අවසන් කරන්න රජයට පුළුවන්” – කෘෂිකර්ම ඇමති

මෙම කන්නයේදී වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක සංචිතයක් පවත්වා ගැනීම තුළින් වෙළඳපොළේ සහල් මිල පාලනය කිරීමට රජයට හැකි වනු ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එමඟින් සහල් මාෆියාව අවසන් කිරීමට හැකි වනු ඇති බවයි.

කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (09) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි.

එළඹෙන වසරේ සිට හෙක්ටෙයාර 25 000 ක් හඳුනාගෙන අල, ලූණු මිරිස් රට තුළම වගා කිරීමේ වගා සංග්‍රාමයක් ආරම්භ කරන බව අමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටියා.

POPULAR

Recent articles