“වහාම යුක්‍රේනයෙන් ඉවත්වෙන්න” – අමෙරිකානුවන්ට නියෝගයක්

යුක්‍රේනයේ සිටින සියලුම ඇමරිකානු පුරවැසියන්ට වහාම එම රටින් ඉවත් වන ලෙස අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් දැනුම් දී තිබෙනවා.

ඒ ඕනෑම මොහොතක රුසියානු හමුදා යුක්‍රේනයට එරෙහිව යුධ ප්‍රකාශ කිරීමේ ඇති වැඩි අවදානම සැලකිල්ලට ගනිමිනුයි.

ඇමරිකානු ජනාධිපතිවරයා පවසන්නේ රුසියාව යම් හෙයකින් යුක්‍රේනය ආක්‍රමණය කළහොත් එරට සිටින අමෙරිකානුවන් බේරා ගැනීමට සිය හමුදා යෙදවීමක් සිදු නොකරන බවයි.

රුසියානු යුක්‍රේන අර්බුදය යළි කතාබහට මතුවූයේ රුසියානු හමුදා සාමාජිකයින් ලක්ෂයකට අධික පිරිසක් යුක්‍රේන දේශ සීමා ආශ්‍රිත ප්‍රදේශයට කැඳවීමත් සමඟයි.

එහෙත් රුසියාව දිගින් දිගටම පවසන්නේ යුක්‍රේනය ආක්‍රමණය කිරීමේ කිසිදු සූදානමක් නොමැති බවයි.

මේ අතරතුර අසල්වැසි බෙලරුස් රාජ්‍ය සමඟ රුසියාව දැවැන්ත යුධ අභ්‍යාසයක් ආරම්භ කර ඇත්තේ ද මෙම උණුසුම්කාරී වටපිටාව මධ්‍යයේ වීම විශේෂත්වයක් වනවා.

More from author

තලේබාන් ජාත්‍යන්තර සහය ඉල්ලයි

ඇෆ්ඝනිස්ථානයේ සිදු වූ මැග්නිටියුඩ් ඒකක 6.1 ප්‍රබලත්වයෙන් යුත් භූ චලනයෙන් පසුව තලේබාන් සංවිධානය ජාත්‍යන්තර සහය ඉල්ලා තිබෙනවා. මේ...

ඇෆ්ගනිස්ථානයට ප්‍රබල භූ චලනයක්

ඇෆ්ගනිස්ථානයට බලපෑ ප්‍රබල භූ චලනයකින් පුද්ගලයින් 250 දෙනෙකු පමණ මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා. මෙම...

පාකිස්තානයේ හදිසි තත්ත්වයක්

පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ එම ප්‍රාන්තයේ කාන්තාවන්ට හා කුඩා දරුවන්ට එරෙහි ලිංගික...

ඇමරිකානුවන් තිදෙනෙකු යුක්‍රේනයේදී අතරුදන් වෙයි

ඇමරිකානුවන් තිදෙනෙකු යුක්‍රේනයේදී අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ඔවුන් රුසියානු...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related posts

Latest posts

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් 600ක් පළායයි

පොළොන්නරුව, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවා සිටි රැඳවියන් 600ක් පමණ ඉන් පළා ගොස් තිබෙනවා. ඒ අනුව මධ්‍යස්ථානයේ රඳවා සිටි රැඳවියෙකු මියයාමේ සිද්ධියක් මුල් කර ගනිමින් ඊයේ...

චීනයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට සහල් ප්‍රදානයක්

චීනය විසින් සහල් මෙට්‍රික්ටොන් 1,000ක තොගයක් අධ්‍යාපන අමාත්‍යාංශයට ප්‍රදානය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරන්නේ බාහාලුම් 44කින් රැගෙන ආ මෙම සහල් තොගය...

එක රටක් – එක නීතියක් වාර්තාව ජනපති අතට

එක රටක් එක නීතියක් පිළිබඳ විශේෂ ජනාධිපති කොමිෂමේ වාර්තාව ජනාධිපතිවරයාට භාරදී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ එහි සභාපති, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් අදාළ...