මන්ත්‍රීවරු කෑම අඩු කරයි

මන්ත්‍රිවරුන්ට ලබා දෙන ආහාර වේලේ අඩංගු ව්‍යාංජන හා අතුරුපස අඩු කිරීමෙන් පසු ඔවුන් ආහාර ගැනීම අවම වී ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ලබා දෙන ආහාරවල වෑංජන, අතුරුපස, මස් මාළු අඩු කිරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පියවර ගෙන තිබුණා.

මෙතෙක් කල් වෑංජන අටකට පමණ සීමා වී තිබූ දිවා ආහාර වේලට මේ වන විට ලබා දෙන්නේ වෑංජන හතරක් හෝ පහක්. මේ වන විට වෑංජන අතර ඇඹරැල්ලා, බතල, මඤ්ඤොක්කා, පරිප්පු, දෙල්, පොළොස්, අඹ තිබ්බටු වැනි එළවළු ආදියද ඇතුළත්. වෙනත් දිනවලදී මස් සහ මාළු දෛනිකව ලබා දුන්නත් මේ වන විට ලබා​ දෙන්නේ එක් වර්ගයක් පමණක් බව මන්ත්‍රිවරු පවසනවා.

මාළු වර්ග අතුරින් තෝරා, පරව්, තලපත් හා කොප්පරා පමණක් ලබා දීමද නතර කර තිබෙනවා. කුකුළු මස් සතියකට දෙවරක් ලබා දෙනවා. ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම නිසා මෙම සීමා කිරීම් සිදු කිරීමට සිදුව ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළා. අතුරුපස ලෙස පලතුරු වර්ග දෙකක් මන්ත්‍රිවරුන්ට ලැබිමට සලස්වා තිබෙනවා.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ භෝජනාගාර දෙපාර්තමේන්තුවේ මාසික වියදම රුපියල් මිලියන දහයක් පමණ වන බව වාර්තා වනවා.

POPULAR

Recent articles