”ඡන්දය භාවිත කරන ස්ථානයට ජංගම දුරකථන රැගෙන යන්න එපා” – කථානායක

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීමේදී ඡන්දය භාවිත කරන ස්ථානයට ජංගම දුරකථන රැගෙන නොයන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන දැනුම් දී තිබෙනවා.

අදාළ නීතිරීතිවලට අනුගත වෙමින් පාර්ලිමේන්තුව විසින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා අද (20) පැවැත්වෙන ඡන්ද විමසීමේදී ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් එය සාර්ථක කර ගැනීම සඳහා සියලු පක්ෂවල සහාය අපේක්ෂා කරන බවයි කථානායකවරයා මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ.

රහස් ඡන්ද විමසීමේදී තේරිම්භාර නිලධාරියා ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක සඳහන් කරන්නේ 1981 අංක 2 දරණ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ විශේෂ විධිවිධාන පනතට අනුව සියලු මාර්ගෝපදේශයන් මේ වනවිටත් මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇති බවයි.

POPULAR

Recent articles