පෞද්ගලික ඔසුසැල් සඳහා ඖෂධ බෙදාහැරීම ඇණහිටියි

දිවයින පුරා පවතින පෞද්ගලික ඔසුසැල් සඳහා ඖෂධ බෙදාහැරීම සම්පූර්ණයෙන්ම මේ වනවිට ඇණහිට ඇති බව සමස්ත ලංකා ඔසුසැල් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති චන්දික ගන්කන්ද කියා සිටියේ ඉන්ධන නොමැතිවීමත් සමඟ අවශ්‍ය තරම් ඖෂධ තොග පෞද්ගලික ඔසුසැල්වලට ප්‍රවාහනය කිරීම ගැටළුවක් වී ඇති බවයි.

ඒ සඳහා ප්‍රමුඛත්වයක් ලබාදීමට බලධාරීන් මෙතෙක් කටයුතු කර නොමැති බව ද ඔහු සඳහන් කළා.

POPULAR

Recent articles