”ජනතාව සොයන නව මාර්ගය අපි නිර්මාණය කරනවා” – විමල් වීරවංශ

උත්තර ලංකා සභාගයේ පළමු විධායක සභා රැස්වීම එළඹෙන 18 වනදා පැවැත්වීමට තීරණය කළ බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කියා සිටිනවා.

මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ මෙම සභාගය දේශපාලන පක්ෂවලට කොටු වූ සභාගයක් නොවන බවත් වෙනත් සන්ධාන සමඟ සැසඳීමේදී මෙය වෙනස් සභාගයක් බවයි.

රටේ ජනතාව නව මාර්ගයක් සොයමින් ඇති බවත්, එම නව මාර්ගය තමන් විසින් නිර්මාණය කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

POPULAR

Recent articles