සක්විති රණසිංහට අත්හිටවූ සිරදඬුවමක්

අනවසර මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යාම සහ ඉහළ පොලී අනුපාත ලබා දීම සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩකිරීමේ චෝදනා 11කට වරද පිළිගත් සක්විති රණසිංහට එක් චෝදනාවකට වසර 2 බැගින් බරපතළ වැඩ සහිත වසර 22 ක සිරදඬුවම වසර 5කට අත්හිටුවා තිබෙනවා.

මෙම නඩුව අද (14) කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී නඩුවට අදාළ චෝදනා විවෘත අධිකරණයේදී කියැවුනා.ඒ අනුව හිටපු ජනප්‍රිය ඉංග්‍රීසි ගුරුවරයකු වන රණසිංහ මහතා අදාළ චෝදනාවලට වරද පිළිගන්නා බව අධිකරණයට දන්වා තිබුණා.ඒ අනුව එක් චෝදනාවක් සඳහා ඔහුට වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඬුවම වසර 5කට අත්හිටුවීමට නියෝග කළේය.

ඊට අමතරව එක් චෝදනාවකට රුපියල් 25,000 බැගින් දඩ නියම කළ විනිසුරුවරයා එම දඩ මුදල් නොගෙවන්නේ නම් අමතර මාස 06ක ලිහිල් සිර දඬුවමක් ද නියම කළේය.

මෙම නඩුවේ එක් චෝදනාවකට සක්විති රණසිංහගේ බිරිඳට ද දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එයද වසර පහකට අත්හිටුවීමට නියෝග කළා. ඊට අමතරව ඇයටද රු. 25,000 දඩ මුදලක් නියම කරා.

POPULAR

Recent articles