යුරියා පොහොර ලබා දෙන අවස්ථාවේ වී ගොවීන් අස්වනු නෙලා අවසන් නම් ඔවුන්ට යුරියා පොහොර වෙනත් බෝගවලට යොදා ගැනීමට අවස්තාව සලසා දිය යුතු යැයි කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර පවසනවා.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උපදෙස් මත වී වගා කළ ගොවීන් යම් කිසි අපහසුතාවයකට පත්ව ඇත්නම් එම ගොවි ජනතාවට පිහිටවීම රජයේ වගකීමක් යැයිද ඇමතිවරයා සඳහන් කළා. ඉන්දීය යුරියා පොහොර ලැබීමෙන් අනතුරුව දිවයින පුරා බෙදා හැරීමේ කටයුතු සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී ඇමතිවරයා මෙම අදහස් පලකර සිටියා.
එහිදී දැනට අස්වනු නෙලා අවසන්ව තිබුන ද වී ගොවීන්ට යුරියා පොහොර අවශ්‍ය නම් ඒවා ලබා දීමට ඇති හැකියාව සොයා බලන ලෙස ද අමාත්‍යවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.