“රනිල් වික්‍රමසිංහට සජබේ කිසිදු සහයක් නෑ” – රංජිත් මද්දුමබණ්ඩාර

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට සමගි ජන බලවේගයේ කිසිදු සහයක් හිමි නොවන බව එහි ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.

සමගි ජන බලවේගය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් තවදුරටත් විපක්ෂයේ කාර්යභාරය සිදුකරන බවයි ඔහු කියන්නේ.

රාජපක්ෂ පවුලේ ආරක්ෂාව වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයට පත්කර ගෙන ඇති බව ලේකම්වරයා සඳහන් කරනවා.

POPULAR

Recent articles