“තීරණාත්මක මොහොතක් එනතුරු නොසිට නිදහස් පක්ෂය, ආණ්ඩුවෙන් ඉවත් විය යුතුයි” – ෂෙහාන් සේමසිංහ

තීරණාත්මක මොහොතක් එනතුරු නොසිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කළා.

මැදවච්චිය ප්‍රදේශයේ ඊයේ (08) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ඔවුන් ඉදිරියේ දී රජය නියෝජනය කරන ඇතැම් දේශපාලන පක්ෂ සමග නව සන්ධානයක් බිහි කරලීමට අපේක්ෂාවෙන් සිටින බවයි.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (09) සිට දිවයිනම ආවරණය වන පරිදි දිස්ත්‍රික් මට්ටමින් විශේෂ ජනරැළි මාලාවක් ආරම්භ කරන බවද ඔහු කියා සිටියා.

POPULAR

Recent articles