ගෑස් සිලින්ඩර හා පොහොර මිටි තොග ගණන් ඇමැති නිවෙස්වලින් හමුවෙයි

කුරුණෑගල ප්‍රදේශයේ දී විනාශ වූ හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව හා කුරුණෑගල ප්‍රාදේශීය සභා සභාපති අචල නිමන්ත යන අයගේ නිවෙස්වල තිබී කිලෝග්‍රෑම් 12.5ක් බරැති ගෑස් සිලින්ඩර 140ක් පමණ සොයා ගෙන ඇති බව මාධ්‍ය වාර්තා කරනවා. මේ ගෑස් එම ස්ථාන වෙත පැමිණි පිරිස් රැගෙන ගොස් ඇති බවයි කියන්නේ.

හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු සතුව තිබූ කුරුණෑගල වැව පාරේ නිවෙසේ ලාෆ් ගෑස් සිලින්ඩර පමණක් අසූවකට වැඩි සංඛ්‍යාවක් තිබූ බව මාධ්‍ය පවසනවා.
තිස්සමහරාම, කිරින්ද, මාගම පිහිටි හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂට අයත් නිවසෙහි ගබඩාවක සඟවා තිබූ යූරියා පොහොර මිටි 300ක්, ඩීසල් ලීටර් 3000ක්, වී මිටි 200ක තොගයක් සහ රතු පරිප්පු තොගයක් ප්‍රදේශයේ ජනතාවට බෙදා දීමට විරෝධතාකරුවන් පියවරගෙන ඇති බව වාර්තා වෙනවා.

හිටපු මහා ඇමතිවරයෙකු වූ මහීපාල හේරත්ට අයත් දිඹුලාගල, බඳනාගල පිහිටි ගොවිපළේ පිහිටි ගබඩාවක යූරියා පෝර මිටි 400කට ආසන්න ප්‍රමාණයක් සහ තවත් රසායනික පෝර මිටි තොගයක් තිබී ඇති අතර ඒවාද ගොවීන්ට බෙදා දී තිබෙන බව කියනවා.

POPULAR

Recent articles