“ඔයාලගේ කාර්යාලයට ඇවිල්ලා අපි පෙන්නුවේ ටිකයි” – ජොන්ස්ටන් ප්‍රනාන්දු

සමග ජන බලවේග කාර්යාලය අසලට පැමිණ පෙන්නුවේ පොඩි දෙයක් පමණක් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී පැවසුවා.

එමෙන්ම “ඔබලා කරන දේවල්වලට අපිටත් වැඩ කරන්න පුළුවන් ” යැයිද ඔහු සඳහන් කර සිටියා.

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී කාවින්ද ජයවර්ධන එම පක්ෂයේ ඇතුල්කෝට්ටේ ප්‍රධාන කාර්යාලයට එල්ල කෙරුණු ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මෙසේ කියා සිටියා.

එහිදී ඇතිවූ සංවාදය මෙසේයි –

කාවින්ද ජයවර්ධන :

“කණ්ඩායමක් සමගි ජන බලවේගයේ කාර්යාලයට පසුගියදා ප්‍රහාරයක් එල්ල කළා. මෙවැනි දේවල් අනුමත කරන්න බැහැ.”

ජොන්ස්ටන් ප්‍රනාන්දු :

“තරුණ මන්ත්‍රීතුමා කිව්වා එතුමාලගෙ කාර්යාලයට ඇවිල්ලා ප්‍රශ්නයක් ඇති කළා කියලා. අර ඔබතුමාලගේ කාන්තාවන්ගේ නායිකාව අපේ ගෙවල්වලට කරන්න ආරාධනා කළ විදිය දැක්කනෙ. ඒ වැඩ හරිද ?”

” හොඳට මතක තියාගන්න. ඔබතුමාල ගන්න තීන්දු තීරණවලට අපිටත් වැඩ කරන්න පුළුවන්. අපි ඔයාලගේ කාර්යාලයට ඇවිල්ලා පෙන්නුවෙ ටිකයි.”

POPULAR

Recent articles