එවන මුදල අනුව විදෙස්ගත ශ්‍රමිකයින්ට විද්‍යුත් වාහන ආනයනයට බලපත්‍රයක්

විදේශගත ශ්‍රමිකයින් නීත්‍යානුකූල මාර්ගයෙන් මෙරටට මුදල් එවීමේ දී ඔවුන් එවන මුදල අනුව විදුලියෙන් ධාවනය වන වාහන ආනයනය කිරීමට අවසර ලබාදෙන බව විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසනවා.

තීරු බදු සහනයක් නො වන වාහන ආනයනය සදහා වන බපලත්‍රයක් විදේශගත ශ්‍රමිකයින්ට ලබාදීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව ද අමාත්‍යවරයා සඳහන් කරනවා.

මේ වන විට වාහන ආනයනය තහනම් කර ඇති බැවින් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මුදල් එවන විදේශගතව සේවය කරන ශ්‍රමිකයන්ට පමණක් මෙම වාහන ආනයනය කිරීමේ බලපත්‍රය ලබාදෙන බව ද ඇමැතිවරයා කියා සිටිනවා.

ජපානයේ රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහන යටතේ ජපානය බලා පිටත්වන ශ්‍රමිකයන් 12දෙනෙක් හා ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව යන 4 දෙනෙකුගෙන් සමන්විත පිරිසකට ගුවන් ටිකට්පත් ලබාදීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඇමැතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ.

POPULAR

Recent articles