ඇෆ්ගනිස්ථානයට ප්‍රබල භූ චලනයක්

ඇෆ්ගනිස්ථානයට බලපෑ ප්‍රබල භූ චලනයකින් පුද්ගලයින් 250 දෙනෙකු පමණ මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා.

මෙම භූ චලනයේ ප්‍රබලත්වය සටහන්ව ඇත්තේ, මැග්නිටියුඩ් 6.1 ක් ලෙසයි.

පක්ටිකා පළාතේ සිදු වූ මෙම භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් පුද්ගලයින් 150 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවත් ඇෆ්ගනිස්ථාන බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇෆ්ගනිස්ථානය, පකිස්ථානය හා ඉන්දියාවේ කිලෝමීටර් 500 කට වඩා වැඩි ප්‍රදේශයකට මෙම භූ චලනය දැනී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

POPULAR

Recent articles