කෝප් කමිටු සභාවේ නව සභාපති මහාචාර්ය චරිත හේරත්

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් හට නව ධුරයක් හිමිව තිබෙනවා.

ඒ කෝප් කමිටු සභාවේ නව සභාපතිවරයා වශයෙන් මන්ත්‍රීවරයා තෝරා පත් කර ගැනීමයි.

මෙම පත් කිරීම අද (10) පස්වරුවේ සිදු කර ඇති බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසන්නේ.

මහාචාර්ය චරිත හේරත් කාලයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ දර්ශන අධ්‍යයනාංශයෙහි මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කළ අතර, 2019 වර්ෂයේ පැවැති මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් වියත් මගෙන් ජාතික ලැයිස්තුව නියෝජනය කරමින් පාර්ලිමේන්තු පැමිණි මන්ත්‍රීවරයෙක්.

POPULAR

Recent articles