ආහාර උද්ධමනයෙන් ලංකාව සිව්වන ස්ථානයට

2021 සැප්තැම්බර් සිට 2022 අගෝස්තු දක්වා රටවල් 53 ක ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් නවතම වාර්තාවක් ලෝක බැංකුව විසින් එළිදක්වා තිබෙනවා.

අදාළ වාර්තාවට අනුව ලොව ඉහළම ආහාර උද්ධමනය සහිත රටවල් අතර ශ්‍රී ලංකාව 04වන ස්ථානයේ පසුවන අතර මෙරට ආහාර උද්ධමනය දැක්වෙන්නේ 91%ක් ලෙසයි.

මෙම වාර්තාව අනුව පළමු ස්ථාන තුනේ පසුවන්නේ පිළිවලින් සිම්බාබ්වේ, ලෙබනනය හා වෙනිසියුලාව වන අතර තුර්කිය, ඉරානය, අජන්ටිනාව, මෝල්ඩෝවා, ඉතියෝපියාව හා රුවන්ඩාව ඉහළම ආහාර උද්ධමනය සහිත මුල් ස්ථාන 10 තුළ සිටින අනෙකුත් රටවල් වනවා.

2021 වසරේ සැප්තැම්බර් මාසයේ මෙරට ආහාර උද්ධමනය 9.9% ක් ලෙස වාර්තා වී ඇති අතර එය වසරක් තුළ දස ගුණයකින් ඉහළ ගොස් 2022 අගෝස්තු මාසයේ වාර්තා වන අගය 91% ක් බවට එම වාර්තාවේ දැක්වෙනවා.

සම්පූර්ණ වාර්තාව – https://bit.ly/3xAHGUV

POPULAR

Recent articles