21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන විශේෂ සාකච්ඡාවක් හෙට (27)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට (27) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ, අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙනුයි.

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ පවසන්නේ එහිදී 21 වැනි සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පක්ෂ නායකයින්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීමට නියමිත බවයි.

එලෙස ලබාගන්නා අදහස් හා යෝජනා ඉදිරි සතියේ කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට නියමිත බව ද අධිකරණ අමාත්‍යවරයා සඳහන් කර සිටිනවා.

POPULAR

Recent articles