සෞඛ්‍ය වැඩ වර්ජනය දින 14කට අත්හිටුවයි

සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ ඊයේ (14) සන්ධ්‍යාවේ පැවැත්වූ සාකච්ඡාවේ වාර්තා සටහන් මේ වන විට තමන් වෙත ලැබී ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් පවසනවා.

එමනිසා සිය වර්ජනය හෙට (16) පෙරවරු 8 සිට තාවකාලිකව අත්හිටුවන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය පවසනවා. එම සම්මේලයේ කැදවුම්කරු රවී කුමුදේශ් සඳහන් කළේ, දින 14ක කාලයක් සඳහා මෙලෙස වර්ජනය තාවකාලිකව අත්හිටුවන බවයි.

POPULAR

Recent articles