වැටුප් නොමැතිව වැඩ කිරීමට ඇමතිවරු එකඟවෙයි

ඉදිරි වසර තුළ අමාත්‍ය වැටුප් නොගෙන අමාත්‍ය ධුර දැරීමට කැබ්නට් අනුමැතිය හිමිව තිබෙනවා.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසන්නේ වර්ෂයක කාලයක් ඇමති වැටුපක් නොලබා රට වෙනුවෙන් ක්‍රියා කිරීමට එකඟ වූ බවයි.

ඒ අනුව අමාත්‍යවරයකෙුට ලැබෙන දීමනා ද ලබා නොගන්නේ දැයි, මෙහිදී මෙහිදී මාධ්‍යවේදීන් කැබිනට් ප්‍රකාශකවරයාගෙන් විමසා සිටි ආ අතර ඊට කැබිනට් ප්‍රකාශකවරයා දුන් පිළිතුර වුයේ ”මම නම් මේ පිළිබඳව නිශ්චිත සංඛ්‍යා දත්ත ගැන අවබෝධයක් නෑ. කුඩා වැටුපක් තියෙන්නේ, ඇමතිවරයෙකුට මං හිතන්නේ රු. 65000ක්. දීමනා කියලා ඇමතිවරයෙකුට වැඩිම ලැබෙන්නෙ ඉන්ධන සඳහා වන දීමනාව. ඉන්ධන නැතිව රාජකාරී කරන්න බෑ” යනුවෙනුයි.

POPULAR

Recent articles