අජිත් නිවාර්ඩ් කබ්රාල්ට ඇප

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල්ට කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ විසින් ඇප ලබා දී තිබෙනවා.

ඒ, තීනියාවල පාලිත් හිමියන් විසින් කොටුව මහේස්ත්‍රාත් උසාවියේ අජිත් නිවාර්ඩ් කබ්රාල්ට එරෙහි ව ගොනු කර තිබූ නඩුවක් අද නැවත විභාගයට ගත් අවස්ථාවේදී යි .

ඒ අනුව හිටපු මහබැංකු අධිපතිවරයාට රුපියල් මිලියනයක මුදල් ඇපයක් නියම කර තිබෙනවා.

ඇමරිකාවේ අසාදු ලේඛනගත ‘ඉමාට් ශා සුබෙයිරි’ නමැති ව්‍යාපාරිකයකු වෙත මෙරට කීර්ති නාමය ඉහළ දැමීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 6.5ක මුදලක් 2006 වසරේ දී නිසි අනුමැතියකින් තොර ව මූල්‍ය පටිපාටි උල්ලංඝනය කරමින් ලබා දුන් බවට මෙම නඩුව හරහා චෝදනා කර තිබුණා.

POPULAR

Recent articles