“ඉන්ධන මිල වැඩි කළත් පාඩුයි” – බලශක්ති ඇමති

ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදු කළද තවමත් 92 පෙට්‍රල් ලීටරයකින් රුපියලක පාඩුවක් සිදු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

එසේම ඔටෝ ඩීසල් ලීටරයකින් සත 60 ක පාඩුවක් සිදු වන බව අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

අමාත්‍යවරයා වැඩිදුරටත් කර සිටියේ භූමිතෙල් ලිටරයක් දැනට අලෙවි කරන්නේ රුපියල් 87 කට බවත් මේ වන විටත් රුපියල් 275.26 ක පාඩුවක් සිදුවන බවත් අවශ්‍යතාව අනුව සති දෙකකට වරක් හෝ මාසයකට වරක් ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බවයි.

POPULAR

Recent articles