ධීවර ජනතාවට ඉන්ධන ලබා නොදීමට හේතුව ඩග්ලස් දේවානන්ද කියයි

ධීවර ජනතාව වාසය කරන ප්‍රදේශ වල පිහිට පිරවුම්හල් සදහා ඉන්ධන ලබා නොදීමට හේතුව වෙනත් අය පැමිණ එම ඉන්ධන රැගෙනයන නිසා බව ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද පවසනවා. නමුත්ඉදිරි සතියක කාලය තුළ ධීවරයින්ට අවශ්‍ය ප්‍රමාණවත් තරම් ඉන්ධන ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව අමාත්‍යවරයා කියා සිටියා. හලාවත ධීවර කාර්යලයේ පැවති ධීවර හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසුවා.

”ඔය ගොල්ල කියන කථාව මට තේරෙනවා.ඔය කියන හැම ගැටළුවකටම උත්තර සාක්කුවෙන් අරගෙන දෙන්න පුළුවන් නම් මම ඒක කරනවා.නමුත් එක පාරටම කරන්න බැරි නිසා තමයි මම අද ඔයාලව හමු වෙන්න ආවේ. භූමිතෙල් ලීටර් 01 ක් ලංකාවට ගේන්න ඩොලර් 01 ක් වැය වන බව කියනවා. ඒ කියන මුලදට භූමිතෙල් මිලදී ගෙන ධීවර රැකියාව කරන්න බැරි බවත් මම දන්නවා. ඒ නිසා මම රජය සමග සාකච්ඡා කරන්නම්,අවශ්‍ය කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරන්නම් ධීවරයින්ට සහනාධාරයක් ලබා දෙන්න කියන කාරණය සම්බන්ධයෙන්. කුමන ආකාරයට හෝ ඉදිරි සතියක කාලය තුළ ධීවරයින්ට අවශ්‍ය කරන ඉන්ධන ලබා දීමට කටයුතු කරන්න රජයක් ලෙස අපි සුදානම්.

එම කටයුත්තේද අඩු පාඩු තියෙනවා.අපි ධීවර වරායන් වලට ඉන්ධන ලබා දෙන්නේ හේතුවක් ඇතිව. ධීවර ජනතාව වාසය කරන ප්‍රදේශ වල පිහිටි පිරවුම්හල් වලට ඉන්ධන ලබා දුන්නොත් වෙනත් අය ඇවිත් ඒ ඉන්ධන ටික අරගෙන යයි.එතකොටඅපි ධීවරයින්ට තෙල් එවලා තියනවා.නමුත් ලැබිලා නැහැ. මේ කාරණය නිසා තමයි ධීවරයින්ට අවශ්‍ය ඉන්ධන ධීවර වරායන් වල පිහිටි පිරවුම්හල් වෙත පමණක් ලබා දීමට කටයුතු කර තිබෙන්නේ. යැයි ජලජ සම්පත් අමාත්‍යවරයා එහිදී කියා සිටියා.

POPULAR

Recent articles