තලේබාන් ජාත්‍යන්තර සහය ඉල්ලයි

ඇෆ්ඝනිස්ථානයේ සිදු වූ මැග්නිටියුඩ් ඒකක 6.1 ප්‍රබලත්වයෙන් යුත් භූ චලනයෙන් පසුව තලේබාන් සංවිධානය ජාත්‍යන්තර සහය ඉල්ලා තිබෙනවා.

මේ වන විට භූ චලනයේ බලපෑමෙන් මියගොස් ඇති පුද්ගලයින් 1000 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තුවාල ලබා ඇති පිරිස 1,500 කට අධික යි.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ ඇෆ්ඝනිස්ථානයේ පක්තිකා පළාතට භූ චලනයෙන් වැඩිම බලපෑම් එල්ල වී ඇති බවයි.

අධික වර්ෂාව හමුවේ සුන්බුන් අතර සිරවූවන් මුදා ගැනීමේ මෙහෙයුම්වලට බාධා එල්ල වී තිබෙනවා.

ආපදාවට ලක්වූවන්ට ආහාර හා නාවාතැන් පහසුකම් ලබාදීම කටයුතු කරමින් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ද ප්‍රකාශ කර සිටිනවා.

දශක දෙකකට පසුව ඇෆ්ඝනිස්ථානයට වැඩිම බලපෑමක් එල්ල වූ භූ චලනය මෙයයි.

POPULAR

Recent articles