ගාලු මුවදොරට කාලතුවක්කුවක්

කොළඹ ගාලු මුවදොර අසල කාලතුවක්කුවක අනුරුවක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා.

එම කටයුත්ත සඳහා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා හා ඒ අසල තරු පහේ හෝටලයක පාලන අධිකාරිය අතර ගිවිසුමක් පසුගියදා අත්සන් කර ඇති බවට වාර්තා වනවා.

හෝටල් වැඩ බිමකින් මීට පෙර විශාල ප්‍රමාණයේ කාලතුවක්කුවක් සොයා ගැනුණු අතර ඉංග්‍රීසි පාලන සමයට අයත් එම කාලතුවක්කුව සංරක්ෂණය සඳහා ත්‍රිකුණාමලය පුරාවිද්‍යා කෞතුකාගාරයට රැගෙන යනු ලැබුවා.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම ස්ථානයේ ඉදි කෙරෙන්නේ එම කාලතුවක්කුවේ අනුරුවක් බවයි.

POPULAR

Recent articles