ගෑස් මෙට්‍රික් ටොන් 3500 ක් සහිත නෞකාවක් මෙරට බලා පැමිණියත් එම නැවට අවශ්‍ය ඉන්ධන ලබා දීමට නොහැකි වීම නිසා එය ඉන්දියාව බලා යාත්‍රා කර තිබෙනවා.
ඒ අනුව ලිට්රෝ ගෑස් වෙළෙඳ පළට නිකුත් කිරීමට තවත් දින කිහිපයක් ගත වනු ඇතැයි ලිට්රෝ සමාගම පවසනවා. එම නැව යලි කොළඹ වරායට පැමිණ ගෑස් ගොඩබෑමට අමතර දින තුනක පමණ කාලයක් ප්‍රමාද වනු ඇතැයි සමාගම කියා සිටිනවා.







