“කොවිඩ් අරමුදලේ මුදල් ඖෂධ ගෙන්වීමට ගන්න” – ජනපති

කොවිඩ් අරමුදලේ ඇති රුපියල් කෝටි 180 ක මුදල අත්‍යාවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (03) නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය වී ඇති බැවින් එම මුදල් සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් යෙදවිය හැකි බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබෙනවා.

අද (03) පෙරවරුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව කඩිනමින් අවධානයට ලක් විය යුතු කරුණු සම්බන්ධයෙන් කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

POPULAR

Recent articles